මැතිවරණ කොමිසමේ තවත් තීරණයක්

අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම සතිය තුළ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ සාකච්ඡාව ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අදාළ සාකච්ඡාව එම සතිය තුළ ලැබෙනු ඇති බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිතව තිබේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව අද (04) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *