අද (18) පස්වරු 1.45ට පමණ ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
දඩල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව සඳහන් කළේය.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර ගාල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.