මම ක්‍රීඩා ඇමති කාලේ මේවගේ ප්‍රශ්ණ ඇති වුනේ නෑ.

තමා ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ සමයේ පරිපාලන ගැටළු ක්‍රීඩා සම්මේලන සමග සාකච්චා කර විසඳාග්ත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය . ඒ ආකාරයෙන් වත්මන් දේශපාලන අධිකාරිය සහ ක්‍රිකට් පරිපාලනය පවතින ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු බව ඔහු අවධාරණය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකවට පනවා ඇති තහනම නිසා වසරකට ඩොලර් මිලියන සියයකට අධික අලාභයක් ශ්‍රී ලංකාවට සිදුවෙන බව පෙන්වාදුන් ඔහු, මේ ආකාරයේ අර්බුද නිසා අවසානයේ අගතියට පත්වෙන්නේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩා ලෝලීන් බව අවධාරණය කළේය.

මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බව පෙන්වාදුන් ඔහු දැනට පනවා ඇති තහනම ඉවත්කර ගැනීම සඳහා සියළු පාර්ශව වගකීමෙන් කටයුතු කළ යුතු බව සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *