මක්කම වන්දනාවේ ගොස් මිය ගිය ගණන ඉහළට

සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජෝර්දානයේ විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ තවත් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.

ඉරාන වන්දනාකරුවන් පස් දෙනෙකුට ද ජීවිත අහිමි වූ බව තහවුරු කර ඇති නමුත් ඔවුන් මිය ගියේ කෙසේදැයි නිශ්චිතව දක්වා නැතැයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.

ජෝර්දාන බලධාරීන් පවසා ඇත්තේ අතුරුදන් වූවන් සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුකරන බවයි.

මෙම වසරේ හජ් වන්දනාකරුවන් මිලියන 1.8 කට වැඩි පිරිසක් සහභාගී වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 46 ඉක්මවා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!