බන්ධනාගාර මරණ වලට හේතුව මාරාන්තික බැක්ටීරියාවක්

මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යාම හේතුවෙන් එහි රැඳවියන් මරණයට සහ අසනීප තත්ත්වයට පත්වන්නට ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යන උණ රෝග තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 9 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

සිද්ධියෙන් මියගිය රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (21) දිනයේ සිදුකෙරුණු අතර එහිදී වෛද්‍යවරුන් විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
ඒ අනුව ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව සඳහන්ය.

මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව මාරාන්තික බැක්ටීරියාවක් වන අතර මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ පුද්ගලයින්ට මෙය දැඩිව බලපාන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *