පොලිස්පතිගේ පත් වීම අභියෝග කර පෙත්සම් අටක්

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම අභියෝග කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ජූලි මස 08 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින නියම කරනු ලැබුවා.

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් අටක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් කැඳවීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!