පවුල් ලක්ෂ හතරකට සමෘද්ධිය හොරට ගෙවලා

සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බව කෝපා කම්ටුවේදී අනාවරණය විය. එමෙන්ම සමෘද්ධි ප්‍රතිලාභය හිමි වියයුතු පවුල් අතරින් 30% කට ආසන්න ප්‍රමාණයකට එම ප්‍රතිලාභ හිමිව නැති බවද එහිදී අණාවරනය විය.

2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වනපරිදි කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර සංඛ්‍යාත්මකව පවුල් 449,979ක් සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු පවුල් බව මෙහිදී හෙළිවී ඇත.

මේ පිළිබඳ අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්ය සාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *