නේපාලයේ භූ කම්පන දෙකක්

නේපාලයේ රික්ටර් මාපකයේ ඒකක 4.8ක සහ රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතු වූ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පළමු භූ කම්පනය හටගෙන ඉන් පැය දෙකකට පමණ පසු දෙවන කම්පනය හටගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී තිබේන බව වාර්තා වේ .

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *