නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී අනතුරට පත් වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර ඇත.

අද (06) පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් සඳහන් කර සිටියේ, එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ නම් කර ඇති බවය.

ඒ අනුව සෙසු සාමාජිකයින් 14 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර ඇත.

ආචාර්ය සුරේන් රාගවන්
ඩයනා ගමගේ
මහාචාර්ය ජී.එල් පීරිස්
නීතිඥ රවුෆ් හකීම්
විජිත හේරත්
ආචාර්ය සරත් වීරසේකර
නිරෝෂන් පෙරේරා
අජිත් මාන්නප්පෙරුම
නිමල් ලාන්සා
තුෂාර ඉඳුනිල්
වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන
අකිල එල්ලාවල
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නීතිඥ මධුර විතානගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *