න්‍යෂ්ටික නිරායුධකරණය සහ ආයුධ සීමාකිරීමට කැපවනවා.

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අවධාරණය කරයි.

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT)පිළිබඳ යුරෝපා සංගමයේ 14 වැනි වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට (CTBT) අත්සන් තැබීමත් සමඟ, ඊට අත්සන් තැබූ පළමු රටවල් අතර 13 වැනි ස්ථානයට මෙරට පත්ව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *