දුම්රිය නියාමක බිම වැටිලා – දන්නේ ගම්පහදී

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම නිසා
වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

අද අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැති අතර සොයා බැලීමේ දී දැන ගන්නට ලැබී ඇත්තේ දුම්රිය ධාවනය වෙමින් පැවතිය දී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවයි .

ඉන් අනතුරුව වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!