දැවැන්ත ජයක් සමගින් ලංකාව ලෝක කුසලාන ගමන නිම කරයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 83කින් ජය වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් වූ අතර .කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 202ක පිළිතුරු ඉනිමක් හඹා යාම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්තයට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් තුෂාර කඩුලු 03ක්ද, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 02 බැගින්ද, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!