“තැපෑල” හෙට ලෙඩ වෙයි

තැපැල් සේවකයින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වී ඇති බවයි.

ඒ අනුව සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට කටයුතු කරන බවයි බණ්ඩාර මහතා පැවසුවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!