තැපැල් දුම්රිය අලි දෙදෙනෙක් බිළිගනී

වව්නියාව සෙට්ටිකුලම් අඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රියට අලි දෙදෙනෙකු ගැටීමෙන් මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි කාර්යාලය පවසයි.

කොළඹ සිට තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රි තැපල් දුරම්රියට ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ ගත් අලි රංචුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තවත් අලි කිහිප දෙනෙකු තුවාල ලබන්නට ඇතැයිද සැක පල කරන බවටද වනජීවි නිලධාරීන් පැවසයි.

කෙසේ වෙතත් අදාල දුම්රිය මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයේ වනඅලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන ස්ථානයක් බැවින් වේගසීමා ප්‍රදර්ශනය කරද දුම්රිය රියදුරු එය නොතකා අධික වේගයකින් දුමරිය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක පලකරන්නේ යැයි වනජීවි නිලධාරිහූ වැඩිදුරටත් පවසති.

මියගිය අලින්ගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *