තාඹුගල දෙන්න හදන රහස් ප්‍රකාශය

සැකකරුවකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට කර තිබෙන ඉල්ලීම අනුව එය එළඹෙන 18 වැනිදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් තාඹුගල මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවයි.

තමන්ට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීමකට අනුවයි එළඹෙන 18 වැනදා එය සිදුකරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත්තේ.

නඩුව කැඳවන අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණයට පැමිණ සිට නැහැ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!