තහනම ස්තිරයි. අරමුදල් සීමාකරයි. එහෙත් ක්‍රිකට් තරග සඳහා අවසරය හිමිවෙයි.

අහමදාබාද් හී අද පැවැත්වුන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සැසිවාරයට නිරීක්ෂක මට්ටමෙන් සහභාගීවූ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ කණ්ඩායම ඉදීරිපත්කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රී ලංකවට ද්වී පාර්ශවීය තරග සහ අයි.සී.සී ය අනුමත තරග සඳහා සහභාගී වීමට අවසරය ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි.

එහෙත් පසුගිය 10 වෙනිදා ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම ස්තිර කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය කටයුතු කරනලද බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් එම තහනම ඉවත්කරනාතෙක් තෙක් අයි.සී.සී ය මගින් මෙරටට සපයන අරමුදල් සීමා කරනා බවත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තරග සඳහා බාධාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

එහෙත් ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 පහළ ක්‍රිකට් ශූරතාවලිය දකුණු අප්‍රිකාවට ලබාදීමට අයි.සී.සී ය තීරණය කරනාලදි. ඊට අමතරව ලබන වසරේ ජූලි මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිතව අයි.සී.සී වාර්ෂික සමුළුවද ශ්‍රි ලංකාවෙන් ඉවත් කිරීමටත් අයි.සී.සී ය තීරණය කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහත සබැඳියෙන් කියවන්න

https://srilankacricket.lk/2023/11/slc-statement-on-the-decisions-taken-by-the-icc-board-pertaining-to-sri-lanka/

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!