ජ.වි.පෙ. තවත් සන්නද්ධ අරගලයකට සැරසෙන බවට ලාල් කාන්තගෙන් ඉඟියක්

මහනුවර අම්පිටියේ ඊයේ (05) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගය සෙංකඩගල මැතිවරණ කොට්ඨාස සමුළුව ඇමතූ එම පක්ෂයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල්කාන්ත පැවසූවේ පීඩිත ජනතාවගේ යහපත උදෙසා සන්නද්ධ අරගලයකට වුවද සහභාගි වීමට තමා සූදානම් බවය .

මෙරට ජනතාව මේ වන විට දැරිය හැකි ප්‍රමාණයටත් වඩා සෑම අතින්ම පීඩනයට පත්ව ඇති අතර ඔවුන් පත්ව ඇති අවාසනාවන්ත තත්වයෙන් මුදවා ගැනීමට ජාතික ජන බලවේගය සූදානමින් සිටින බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී ලාල් කාන්ත මෙසේ පැවසීය. “සටනක් ජයග්‍රහණය කිරීමට නම් විවිධත්වය අවශ්‍යයි. අපි දැන් ඉස්සර වගේ නෙවෙයි ඒ විවිධත්වය සම්බන්ධ කරගෙන තමයි ඉදිරි ගමන යන්න සූදානම් වෙන්නේ. මේ රටේ ආණ්ඩු පෙරලීම සඳහා මැතිවරණ වලට අමතරව සන්නද්ධ අරගල පවා ක්‍රියාත්මක වුණා. මමත් ඒ සන්නද්ධ අරගලවලට සහභාගි වෙලා තියෙනවා. අවශ්‍ය වුණොත් මේ පීඩිත ජනතාවගේ යහපත වෙනුවෙන් ඕනෑම මොහොතක ඉදිරි සන්නද්ධ අරගලයකට හෝ සම්බන්ධ වෙන්න මම දැන් වුණත් සූදානමින් ඉන්නවා.”

“ඉස්සර මේ රටේ දේශපාලනඥයන්ට ජනතාව බයයි. නමුත් දැන් ජනතාවට දේශපාලඥයෝ බයයි. අපි සියලු දෙනා එකතු වෙලා මේ වෙලාවේ මැතිවරණයක් ඉල්ලා බල කළ යුතුයි. ඉදිරියේ ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවන එක කිසිම බලවේගයකට නවත්වන්න බැහැ”

ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබාගනු වස් 1971 සහ 1987 – 89 කාලයේ සන්නද්ධ අරගල දෙකකට නායකත්වය ලබා දුන් අතර එම අරගලයන්හීදී ලක්ෂයටක අධික ජනතාවක් නියගිය අතර කෝටි සංඛ්‍යාත දේපොළ විනාශයක් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *