ජනවාරියෙදී අඩුවට ලයිට් දෙනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා. අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *