චීන ඇමරිකානු නායකයෝ අද සැන් ෆ්‍රැන්සිස්කෝහි රහසිගත තැනකදී හමුවෙති

සැන් ෆ්රැන්සිස්කෝ හි පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට පෙර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් අද බදාදා (15) පැවැත්වීමට නියමිතය .

ලොව විශාලතම ආර්ථිකයන් දෙකෙහි නායකයන් දෙදෙනා දශකයකට වැඩි කාලයක් තිස්සේ එකිනෙකා හඳුනන අතර, බයිඩන් ජනාධිපති ධූරයයේ කටයුතු ආරම්භ කළ 2021 ජනවාරියේ සිට අවස්ථා හයක දී දීර්ඝ දුරකථන සංවාද පවත්වා ඇත .

එහෙත් ඔවුන් පෞද්ගලිකව හමු වී ඇත්තේ එක් වරක් පමණක් වන අතර, ඊයේ සැන් ෆ්රැන්සිස්කෝ වෙත පැමිණි ජනාධිපති ෂී මීට පෙර එක්සත් ජනපදයට ගොස් තිබුණේ 2017 වසරේ දීය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටිය දීය.

මෙම හමුවේ දී දෙරටේ නායකයින්ගේ සාච්ඡාවට බඳුන් වීමට නියම්ත කරුණු මොනවා ද යන්න පිළිබඳ විවිධ මත පලවී ඇත.

ධවල මන්දිරය පවසන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශයේ අප්‍රකාශිත ස්ථානයක පැවැත්වීමට නියමිත මෙම සමුළුවේ අරමුණ දැඩි එදිරිවාදිකමක් ගැටුමක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා දෙපාර්ශවය අතර සන්නිවේදනය ඉහළ නැංවීම බවයි.

තවද මැදපෙරදිග ගැටුම්වල සිට රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, රුසියාව සමඟ උතුරු කොරියාවේ සබඳතා, තායිවානය, මානව හිමිකම්, කෘතිම බුද්ධිය මෙන්ම “සාධාරණ” වෙළඳ හා ආර්ථික සබඳතා දක්වා ගෝලීය ගැටලු ආවරණය කිරීමට මෙම රැස්වීම අපේක්ෂා කෙරෙවන බව වැඩිදුරටත් දක්වා ඇත.

මේ සම්බන්ධව බයිඩන් අඟහරුවාදා කියා සිටියේ තම ඉලක්කය වන්නේ මිලිටරි-හමුදා සම්බන්ධතා ඇතුළුව චීනය සමඟ සාමාන්‍ය සන්නිවේදනය නැවත ආරම්භ කිරීම බවයි.

දෙරට අතර වාණිජ ගුවන් ගමන් වැඩි කිරීමේ සැලසුම් නායකයින් විසින් ඉස්මතු කළ හැකි අතර, ප්‍රතිපත්ති විශේෂඥයින් පැවසුවේ, මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍ර සඳහා ඇති සීමාවන් ලිහිල් කිරීමට ඔවුන්ට පියවර ගත හැකි බවත්, එය දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් වනු ඇති බවත්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!