චන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නට නව චක්‍රලේඛයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දුන් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ඇති බාධාව ඉවත් කරමින් නව චක්‍රලේඛය නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මේ වන විටත් යවා ඇති බව වාර්තාවේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට නාම යෝජනා ලබාදී වැටුප් රහිත නිවාඩු මත සිටින රාජ්‍ය නිලධාරීන්ට පසුගිය මාර්තු 09 වනදා සිට මේ මස 25 වනදා දක්වා වූ කාලය වැටුප් සහිත නිවාඩු ලෙස සලකා ඔවුන්ට හිමි මූලික වැටුප ගෙවීමට කටයුතු කරන මෙන් එහි ර්ම ච්ක්‍රලේඛයෙන් උපදෙස් ලබාදී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *