ගමන් බලපත්‍ර දෙකක් සහිත චීන කාන්තාව පිටුවහල් කෙරේ.

චීනයෙන් පිටවීම තහනම් කර තිබූ චීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන නිලධාරීන් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කිරීමේදී එය ජාත්‍යන්තර පොලිසිය විසින් නැතිවූ හෝ සොරකම් කරන ලද බවට ප්‍රකාශ කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් බව සනාත වී ඇත. එම විදේශ ගමන් බලපත්‍රයේ නියම හිමිකාර චීන කාන්තාව 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එය එය අස්ථාන ගතව ඇතිබවත්, අනතුරුව ඇය ශ්‍රී ලංකාවෙන් නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන පිටව ගොස් ඇති බවත් විමර්ශනවලදී තහවුරුව ඇත .

අනතුරුව ඇයගේ අත්බෑගය පරීක්‍ෂා කළ නිලධාරීන්ට ඇයගේ නියම විදේශ ගමන් බලපත්‍රය හමුව ඇත.
එම බලපත්‍රය ගැන සිදුකරනාලද වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූයේ ඇයට චීනයෙන් පිටවීම තහනම් කර ඇති බවයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *