කෝප් කමිටුව අත් හිටවයි. සභාපති නෙරපන්නැයි විගණන සේවා සංගමය ඉල්ලයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූ බව විපක්ෂ නායක කාර්යාළීය ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් කථා නායක වරයා පවසා ඇත්තේ, දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව කෝප් කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බවයි.

ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ එහි සභාපති මහචාර්ය රංජිත් බණ්ඩාර හස්ත මුද්‍රාවෙන් සාක්ෂි කරුවන් හැසිරවීමට උත්සහ ගත් බවට විපක්ෂය චෝදනා කරන ලදි. ඊට අමතරව. ඔහු ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙක් ලෙස හරයුතු කර ඇති නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ඉතිරි විමර්ශණයන් සඳහා ඔහු සහභාගී නොවිය යුතු බව විපක්ෂය පවසයි.

මේ අතර කථානායකවරයා වෙත ලිපියක් ලියනා ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (Cope) සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

ඊට අමතරව මහාචාර්ය රංජිත් බණ්ඩාර ඔහුගේ පුත්‍රයාද කෝප් කමිටුවට කැඳවාගෙන විත් ඇතිබවත්, ඊට විපක්ෂය සිය විරෝධතාවය පලකර ඇති බවත් වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!