කෘෂි නවීකරණයට සාර්ක් රටවලින් සහාය ගන්න ජනපති සැරසෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුවී තිබෙන ගැටලු විසඳාගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව සහ ඒ සඳහා සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද මෙම සාකච්ඡාව අතරතුර දී අවධානය යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මොඩර්න් ආර්ට් සඳහා සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කළ බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!