කුලියාපිටියේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකුට සහ ගුරුවරියකට හෙල්මට් ප්‍රහාරයක්

කුලියාපිටිය, වයඹ විශ්වාලෝක විද්‍යාලයේ විදුහල්පති සහ එම විදුහලේ ගුරුවරියකට පුද්ගලයෙකු විසින් ආරක්ෂිත හිස් වැසුමකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය වාර්තා කරයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇති විදුහල්පතිවරයා සහ ගුරුවරිය ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටින සිසුවියකගේ බාප්පා සහ ඔහුගේ බිරිඳ කිසියම් හේතුවක් නිසා පසුගියදා විදුහල්පතිවරයා හමුවීමට පැමිණ ඇති බවත්, ඔවුන් විදුහල්පති කාමරයේ සාකච්ඡා කරමින් සිටින අතරතුර බාප්පා යන පුද්ගලයා විසින් විදුහල්පතිවරයාට ආරක්ෂිත හිස් වැසුමකින් පහර දී ඇති බවත්, ආරවුල බේරීම සදහා පාසල් ගුරුවරිය ද ඊට මැදිහත් වී ඇති බව වාර්තා වෙයි.

විදුහල්පතිවරයා සහ ගුරුවරිය මේ සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසියට පැමිණිළි කර ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.

කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *