තම ඉල්ලීම්වලට ආණ්ඩුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපය ඇතුළත උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත සංගමයේ සියලුදෙනා රැස්වී සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන අගයීම් කටයුතුවල නිරත වීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වේ.