උතුරු නැගෙනහිර යුධ කටයුතු සඳහා ශ්‍රී ලංකාව කුළී සොල්දාදුවන් යොදාගත් බව හෙළිවේ.

රුසියාව යුක්‍රේනයට පහර දීමට කුළී සොල්දාදුවන් යොදාගන්නා බවට එල්ලවූ චෝදනා රුසියාව පමණක් නොව ලංකාවේද ඇතැමුන් ප්‍රතික්ෂේප කරනලද බව අපට මතකය. ලෝකයේ සතර දිග්බාගයේ විසිරී සිටිනා යුක්‍රේනුවන් රුසියානු ආක්‍රමණිකයාට මුහුණ දෙනුවස් කියෙව් අගනුවරට රොද බඳිද්දී තම සෙබළුත් රංචු පිටින් හමුදාව හැර යාම නිසා යන එන මක් නැති තැනට රුසියාව පත්විය . තම මාන්නය රැකගනුවස් ව්ලැදිමීර් පුටීන්හට තිබුනේ එකම එක විසඳුමකි. ඒ කුළී පදනමින් සොල්දාදුවන් යුද්ධයට යෙදවීම විය . යෙව්ගනි ප්‍රිගොෂින් නායකත්වයෙන් යුත් වැග්නර් පැරාමිලිටරි සෙබළුන් කුළියට මිනී මරන්නන් වශයෙන් පුටීන්ගේ ලේ පිපාසිත යුද්ධයට කර ගසන්නට හේතුව ඒකය .

පුටීන්

කුළී සොල්දාදුවන් භාවිතය ගැන මෑත කාලයේ ලෝකයේ අසන්නට ලැබුන හොඳම උදාහරණය රුසියාව කළ මේ නොපනත් කමය. රටක හමුදවක් සහ කුළී හමුදවක් යනු පැහැඳිළිවම දෙකකි. එහෙයින් ප්‍රිගෝෂින්ගේ වැග්නර් පැරා මිලිටරි බලකායේ වගතුග හෙළිවීමෙන් පූටීන් පාලනය පත්වූයේ බරපතල අර්බුදයකටය. ඕනෑම රටක් කුළී සොල්දාදුවන් යොදාගෙන තවත් රටක් ආක්‍රමනය කරයිනම් ඒ ආක්‍රමනය සදාචාරයේ අවම සීමා පවා ඉක්මවා යන්නකි. එවැනි ක්‍රියා කරනා රටවල් පැහැඳිළිවම ලෝකයේ පිළිකුළට ලක්වෙයි. අවාසනාව වන්නේ කුළී සොල්දාදුවන් යොදාගෙන තවත් ජන කොටසක් මර්ධනය කළ රටවල් අතරට ශ්‍රී ලංකාවේ නමද එක්ව තිබීමය.

1980 දශකයේ ශ්‍රී ලංකාව උතුරු නැගෙනහිර යුධ කටයුතු සඳහා බ්‍රිතාන්‍ය කුළී සොල්දාදුවන්ගේ සහය ලබාගෙන ඇතිබව මේ වන විට ලෝකයට රහසක් නොවේ. ලංකාවේ අප නොපිළිගත්තද ලෝකයේ රටවල් බහුතරයක් අප දෙස බලන්නේ පවුම් මිලියන ගනනිම් මිල ගෙවා දෙමළ ජනයා මර්ධනය කරන්නට කුළී සොල්දාදුවන් යොදාගත් අපකිර්තිමත් රාජ්‍යක් ලෙසය. Declasified. වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරනා පිල් මිලර් නම් මාධ්‍යවේදියා ලංකාවේ කුළී සොල්දාදුවන් කළකී දේ සහ ඔවුනට ගෙවූ මිල පිළිබඳ පොතක්ම ලියා ඇත. ” Keenie Meenie: The British Mercenaries Who Got Away With War Crimes” නම් එම කෘතිය සම පිල් මිලර්ගේ සෙසු ලේඛණ ඇසුරෙන් මේ ලිපිය ලියවෙයි.

පිල් මිලර්

කර්නල් හෙන්රි (ජිම්) ජොන්සන් සළකණු ලබන්නේ බ්‍රිතාන්‍යයේ වඩාත්ම දූෂිත කුළී හේවාය ලෙසය . වර්ෂ 2008 දී ඔහු මිය යන්නේ පවුම් මිලියන 4 ක් වටිනා ධනයක් සහ දේපල රැසක හිමිකරුවෙක් ලෙසය. ඔහු පිළිබඳ අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් වරක් වරක් ඔහු හඳුනවනු ලැබූවේ ලද්දේ කුරිරු මොන්ගෝලියානු අධිරාජ්‍යයෙකු වූ ජෙන්ගීෂ් ඛාන් ගේ දකුණු අත ලෙසය.

උතුරු යේමන සිවිල් යුද්ධයේදී කුලී මෙහෙයුමක් දියත් කිරීමට පෙර හෙන්රී ජොන්සන් SAS රෙජිමේන්තුවකට අණ දුන්නේය. ඒ 1960 දශකයේදීය . ඉන්පසු ඔහු Keenie Meenie Services (KMS) සහ Saladin Security යන පුද්ගලික හමුදා සමාගම් දෙකක් පිහිටුවන ලදි. මේ සමාගම් දෙක අතරින් ලංකාවෙ කුළී හේවා මෙහෙයයුම් සඳහා යොදාගත්තේ KMS සමාගම බව මෙ වන විට තහවුරුවී අවසානය.

Keenie Meenie යන නමට අරාබි හෝ ස්වහීලී භාෂාවෙන් දිය හැකි සරළම අරුත රහසිගත මෙහෙයුම යන්නයි. හෙන්රී ජොන්සන්ගේ Keenie Meenie සමාගම ගල්ෆ් කළාපයේ රාජාණ්ඩුවලට මුක්කු ගැසූවේය . ඕමානයේ විශේෂ බලකායේ සුල්තාන්වරයාට අණ දෙමින් සහ සෞදි අරාබියේ තෙල් ඇමති ෂීක් යමානිට ආරක්ෂකයින් සැපයීමට කටයුතු ඔහුගේ සමාගම කළ ප්‍රධාන කර්තව්‍යන්ට අයත් ය.

සිය ව්‍යාපාරික කටයුතු ගල්ෆ් කළාපයට සිම නොකරන ඔහුගේ KMS සමාගම 1980 දශකය පුරාම ශ්‍රී ලංකාවේ පැරාමිලිටරි පොලිස් ඒකකයක් පිහිටුවා පුහුණු කිරීමට දායක විය. එම ඒකකය දිවයිනේ සිවිල් යුද්ධයේදී දෙමළ ජනයා සිය ගනනකට වධ හිංසා කළ බවට චෝදනා එල්ල විය. එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෙකුගේ විවේචනයට තුඩු දෙමින් දෙමළ සිවිල් වැසියන් මිය ගිය මෙහෙයුම් සඳහා පියාසර කළ හෙලිකොප්ටර් සඳහා තුවක්කු කරුවන්ද ජොන්සන්ගේ හමුදාව විසින් ශ්‍රී ලංකාවර සපයන ලද බව කියවේ.

මෙම සමාගම එහෙත් මෙම සේවාව සඳහා KMS පෞද්ගලික හමුදාව වෙත ශ්‍රී ලංකා රජය කොපමන මුදලක් ගෙව ඇත්දැයි තවමත් හෙළිව නැත. කෙසේ වෙතත් KMS සමාගම සඳහා කොපමණ මුදලක් ගෙවා ඇත්දැයි බලධාරීන් කිසි විටෙකත් ප්‍රකාශ කර නොමැත. එහෙත් KMS කුළී සෙබළුන් ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු කළේ දැයි මෙට්‍රොපොලිටන් පොලිසිය මේ වන විට විමර්ශනය කරමින් සිටී.

1986 දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඇස්තමේන්තු කළේ KMS ආරක්ෂක සේවාව වෙනුවෙන් ශ්‍රීලංකා රජය වසරකට පවුම් මිලියන දෙකක් හෝ තුනක් ගෙවනා බවයි . ලැබෙන බවයි. එහෙත් KMS සමාගම විසින් ජර්සි සහ කේමන් දූපත් හි බැංකු ගිණුම් භාවිතා කළ අතර, එකී ගිණුම් සඳහා වන මූල්‍ය වාර්තා විමර්ශකයින්ට ලබා ගත නොහැකි වීමෙන් එම ප්‍රකාශය සාක්ෂි සහිතව තහවුරු කරගත නොහැකි විය .

ජොන්සන්ගේ කථාවෙන් කුළී සොල්දාදු වෘත්තිය කෙතරම් ලාභදායීද යන්න පිළිබඳව තොරතුරු රැසක් ලෝකයට පවසයි . හෙන්රී ජොන්සන් සම්බන්ධව පලවන ලේඛනයන්හී මුදල් ඉපැයූ ස්ථාන පිළිබඳ සවිස්තර වාර්තා නැතත්, ඔහු සිය ජීවිත කාලය තුළ උපයා ඇති සමස්ත ධනයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් Declassified වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසනුයේ මෙම බ්‍රිතාන්‍ය කුලී හේවායා දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව කෙතරම් දරුණු යුධ අපරාධ සිදුකර ඇත්දැයි ඔහුගේ සමාගම මෙතරම් විශාල මුදල් ප්‍රමානයක් උපුටා ගැනීමෙන් වටහාගත හැකිබවය .

දෙමළ ජාතික ජනතා පෙරමුණට නායකත්වය දෙන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය .”ශ්‍රී ලංකා රාජ්‍යය 1980 ගනන්වල දෙමළ ජනයා මර්ධනය කිරීම සඳහා ඔවුන් KMS සමාගම සඳහා කොපමණ මුදලක් ගෙව්වාද යන්න පාර්ලිමේන්තුවට පවසා සිය සුජාත බව තහවුරු කරගත යුතු” බවයි.

ජොන්සන්ගේ කථාවෙන් කුළී සොල්දාදු වෘත්තිය කෙතරම් ලාභදායීද යන්න පිළිබඳව තොරතුරු රැසක් ලෝකයට පවසයි . හෙන්රී ජොන්සන් සම්බන්ධව පලවන ලේඛනයන්හී මුදල් ඉපැයූ ස්ථාන පිළිබඳ සවිස්තර වාර්තා නැතත්, ඔහු සිය ජීවිත කාලය තුළ උපයා ඇති සමස්ත ධනය නිසා අන් රටවල් වෙනුවෙන් කුළියට යුද්ධ කිරිම ලාබදායි බව ලෝකයට පවසයි..

ජොන්සන්ගේ වත්තේ දළ වටිනාකම පවුම් 4,719,115 ක් වූ අතර ශුද්ධ වටිනාකම පවුම් 3,979,444 කි. උද්ධමනය සඳහා සකස් කළ විට අවසාන එකතුව අද පවුම් මිලියන 6 කි එය රුපියල් වලින් නම් බිලියන 2.3 ට ආසන්න වේ. අන් රටවල හමුදා මෙහෙයුම් කර උපයාගත් මුදලින් ඔහු පිළිකා පුණ්‍යායතනයකට පවුම් 2,000 ක්ද විශේෂ ගුවන් සේවා රෙජිමේන්තු සංගමයට පවුම් 10,000 ක්ද ලබා දී ඇත.

තමා ජීවත්වූ ලන්ඩනයේ වඩාත්ම සුවිශේෂී දිස්ත්‍රික්කවලින් එකක් වන කෙන්සිංටන්හි රැඩ්ලි මීව්ස් හි නිවස 2004 දී ඔහු මිලදී ගෙන ඇත්තේ පවුම් මිලියනයකටය . එහි දැන් ඇස්තමේන්තුගත වටිනාකම පවුම් මිලියන 3.2 කි. බ්‍රිතාන්‍ය ෛඩම් කියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව තවමත් එම නිවසෙ අයිතිය පවතිනුයේ ජොන්සන් පවුලේ නමින් .

KMS සමාගමේ සහයෝගය ලද නිකරගුවාවේ කොන්ට්‍රා කැරලිකරුවන් විසින් එරට රෝහලක් පුපුරවා හැරීම පිළිබඳ එක්සත් ජනපද කොන්ග්‍රසය විමර්ශනය කිරීමත් සමග 1980 ගණන්වල අගභාගයේදී KMS වසා දමන ලදි . එහෙත් හෙන්රි ජොන්සන් සම-ආරම්භ
ලෙස කටයුතු කළ අනෙක් සමාගම වන Saladin Security, ආයතනය තවමත් සක්‍රීයව පවති.

ජාතික ආරක්ෂාවට හානි විය හැකි සහ ජාත්‍යන්තර සබඳතා අනතුරේ විය හැකි බව පවසමින් එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය ජාතික ලේඛනාරක්ෂකාගාරයේ KMS හි ලිපිගොනු වාරණය කිරීම දිගටම කරගෙන යයි. එබැවින් මෙම සමාගමේ තොරතුරු වෙත පූර්ණ ප්‍රවේශය ලබාදෙන ලෙස ඉල්ලමින් Declasified වෙබ් අඩවිය තොරතුරු විනිශ්චය සභාවට අභියාචනයක් ඉදිරිපත් කර ඇත. මෙම වසර අගදී මෙම ඉල්ලීම විභාග කිරීමට නියමිතය. පුවතට අදාල විඩියෝව පහත සබැඳියෙන් නරඹන්න . https://vimeo.com/466094032

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *