උඩරට හා මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා

උඩරට මාර්ගයේ වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ සඳහන් කළේය.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේන අතර, මඟීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බව ඉදිපොලගේ සඳහන් කළේය.

මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ඇති බවද වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *