ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඇප දිය නොහැකි ලෙස අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට ද නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේ නමුත් තමා අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයකට පසුගිය දා පෙත්සමක් ගොනු කර තිබූ අතර එම තින්දුව ලබාදීම අධිකරණය විසින් කල් තබනු ලැබීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *