ඇෆ්ගනිස්තාන කණ්ඩායම අවසන් පූර්ව වටයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන අතර තරගය අද (25) පැවැත්වුණා.

එම තරගයේ ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ඒ 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමක් අවසන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!