සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු මන්ත්‍රි පි ඩි. අඅබේරත්න මහතා පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව ‘ශ්‍රී ලංකා නිවුස්’ වෙත හොරණ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා තම පෞද්ගලික ඉඩමකට ඇතුල් වී සිටි පිරිසක් බිය ගැන්වීමට අහසට වෙඩි තැබු බවට ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි හෙතෙම කීය.
අදාළ වෙඩි තැබීමට සම්බන්ධ එම ගිනි අවියට නිත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මන්ත්‍රීවරයා ඔහු සතුව තිබෙන මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව පොලිසිය සදහන් කළේය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි. එස්. පනාවල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.
මාක් සිල්වා