අස්වැසුම නිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ප්‍රශ්ණයක්

රජය විසින් හඳුන්වා දී ඇති අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම්දී තිබේ. මෙම ගැටලුව තවත් දුරදිග ගියොත් ඉදිරි මැතිවරණ වලදීද පක්ෂයේ අනාගතයට විශාල ප්‍රශ්න ඇතිවිය හැකි බවද ඔහු පවසා ඇත.

මේ ගැටලු නිසා වැඩිපුරම පීඩාවට පත්වී ඇත්තේ මෙරට වඩාත්ම දිළිඳු ජනය බවත්, එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් නිසා ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවත් හිටපු අගමැතිවරයා වැඩි දුරටත් පෙන්වාදී ඇත.

මෙම තත්ත්වය මත පක්‍ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ද ගැටලුවක් පැන නැගෙනු ඇති බවද හෙතෙම පවසා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *