අර්ධ සුඛෝපභෝගී බස්වල අවසානය

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.

“අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න. ඒ සඳහා අපි ගාස්තු අයකිරීමකින් තොරව සිදුකරනවා. මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී තියෙනවා. බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබිලා සිදුකරමින් පවතිනවා. දැනට සේවා සංශෝධනය මැයි මස 31 වනදා දක්වා සිදුකරන ලෙසට බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා.”

යනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *