අය වැය හෙට…

2024 අයවැය හෙට (13) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනුයේ අභියෝග රාශියක් මැදින් කෙටිකාලීනව ජනතාව මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් සොයමින් දීර්ඝකාලීනව ශ්‍රී ලංකාව නැගී සිටුවීමට උපකාරී වන අයවැයක් හෙට දිනයේ ඉදිරිපත් කරනු ඇති බවයි

මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

නැවත වතාවක් ආර්ථික වශයෙන් පතුළට නොවැටෙන ස්ථීරසාර වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කිසිදු අවස්ථාවක මැතිවරණය ඉලක්ක කරමින් විසඳුම් ඉදිරිපත් නොකරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *