අයවැයෙන් බාගයකටත් වඩා ණය පොළී ගෙවන්නට වෙන් කරයි.

ඉදිරි අය වැයෙන් 55%ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

ඒ අනුව රුපියල් බිලියන 2500 ක් ණය පොලිය ලෙස ගෙවිය යුතු බවත් රුපියලේ වටිනාකමද ආරක්ෂා කරගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය

වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමට සිදුවන බවත් මැතිවරණයක් ආසන්නයේ එය සිදුකිරීම අමාරු වුවත් එය සිදු නොකළ හොත් සියලු දෙනාගේම අනාගතය විනාශයට පත් වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *