අමෙරිකාව පරදා ‘කොදෙව්වන්’ සුපිරි ජයක් ලබයි

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාව සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 128 ක් රැස්කර සිටි අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 130 ලබාගනිමින් තරගය ජය ගත්තා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!