අන්තරේට පැරෂූට් කැඳවුම් කරුවෙක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස තෝරාගෙන ඇති බව වාර්තවේ

රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇති අතර එම සැසිවාරය අභ්‍යන්තර අර්බුද රැසක් මැද පැවති එකක් බව වර්තාවේ. මෙම නිළවරණය සඳහා පේරාදෙණිය, සබරගමුව, රුහුණ, කඹුරුපිටිය කෘෂි පීඨය ඇතුලු විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී කර නොගත් අතර එසේ සහභාගී කර නොගැනීමට විරෝධය පලකරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් කිහිපයක් නිළවරණය වර්ජනය කර ඇත . ඇතැම් ශිෂ්‍ය සංගම් සඳහා නිල්වරණය රජරට විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන බව දන්වා ඇත්තේ ඊයේ අළුයම් කාලයේ බව පැවසේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය සංගමයක කිසිදු ක්‍රියාකාටී තනතුරක් නොදැරූ මදුෂාන් චන්ද්‍රජිත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩළයේ කැඳවුම්කාර ධූරයක පත් වීමට එම ශිෂ්‍ය සංගමයේ විරෝධය මතුව තිබූ අතර එය මැඩපැවැත්වීමට පේරදෙණිය ශිෂ්‍ය සංගමයට මෙම නිළවරණය තහනක් කළ බව විශ්වවිද්‍යාල ආරංචිමාර්ග පවසයි.

මේ අනුව මධුෂාන් සඳහා එකඟතාව පළකළ මහා ශිෂ්‍ය සංගම් වන්නේ අග්නිදිග, නැගෙනහිර, කැළණිය, රජරට, විවෘත යන විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් පමණි. නව් කැඳවුම්කරු පැරෂ්ට් කැඳවුම් කරුවෙක් බව නිලවරණය තහනම් කළ ශිෂ්‍ය සම්ගම් පවසති. මීට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතවත් පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් ඔහුට පක්ෂව අදහස් පළකර ඇත. ජ.වි.පෙ ට හිත්වත් ශිෂ්‍ය සංගම් නව කැඳවුම්කරුට විරෝධය දක්වා ඇති බවත්, සමගිජන බලවේගයට හිතවත් පාර්ශව මධුෂාන් චන්ද්‍රජිත් වෙනුවෙන් සහදී ඇති බවත් වාර්තවේ

නව කැඳවුම්කාර ධූරයට පත් මධුෂාන් චන්ද්‍රජිත් 2015 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත්වූ ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. උපකුළපතිවරයා සමග ඇතිකරගත් ගැටුමක් නිසා දෑවසරක පන්ති තනමකට ලක්ව සිටිනා ඔහු පෙරටුගාමී පක්ෂය සමග සමීපව කටයුතු කරනා බව දැනගන්නට තිබේ.

මෙම පත්වීම සමග විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය තමන් සතුකර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සහය වැරදී යන ලදි. එම පක්ෂයේ ශිෂ්‍ය සහ තරුණ සංගම් වටහ්මන් නායක අනුර කුමාර දිසානායක කෙරෙහි දක්වන විරෝධතාවය මීට හේතුවු බව වාර්ත වේ. එමෙන්ම වසන්ත මුදලිගේ හදිසියේ ඉවත්වීමට හේතුව තවමත් ප්‍රකාශ වි නැත.
මධුෂාන් චන්ද්‍රහිත් නව කැඳවුම්කරු ලෙස පත්කර ගැනීමට සැලසෞන් සහගත ක්‍රියාමාර්ගයක් පවතින බව අප මීට දින කිහිපයකට පෙර වාර්තා කරනා ලදි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *