බංග්ලාදේශයේ මදාරිපූර්හි අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.
මගී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවත පැන ප්‍රපාතයකට පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.