අධිකාරිලත් නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවාවලට අයත් නිලධාරීන් ජාතික ශිෂ්‍යභට බලකායේ අධිකාරිලත් නිලධාරි තනතුරට පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අධ්‍යාපන ක්ෂේත්රය තුළ ශිෂ්‍යභට කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහායි.
ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවාවන්ට අයත් සුදුසුකම්ලත් නිලධාරින් 1,000 ක් විධිමත් ලෙස තෝරාගෙන කාණ්ඩ 03ක් යටතේ පවත්වන පුහුණු පාඨමාලාවකින් අනතුරුව අධිකාරිලත් නිලධාරින් ලෙස පත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.