අධ්‍යාපන අමාත්‍යංශය ගුරු – විදුහල්පතිවරුන්ට sorry කියයි

ගුරු – විදුහල්පති විරෝධතාවය අතර තුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ගුරු – විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

පසුගිය 24 වන දා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පැවති ගුරු – විදුහල්පති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලබා තිබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *