දිගින් දිගටම මුහුණ දුන් ශාරීරික ආබාධ වැලකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ කුසල් ජනිත් පෙරේරා, වඩාත් හොඳ ටෙස්ට් ක්‍රීඩකයකු වීමේ බලාපොරොත්තු ඇතිව අයි.පී.එල්. තරගාවලිය අතහැරීමට තීරණය කර තිබේ.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ඩේවිඩ් වෝනර්ගේ ස්ථානය කුසල් පෙරේරාට හිමිවුණා. එහෙත් බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ටෙස්ට් තරඟාවලියට එක්වීමේ බලාපොරොත්තු ඇතිව කුසල් එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. කුසල් ජනිත් පෙරේරාගේ කළමණාකරු වන රවී ද සිල්වා ඒ බව තහවුරු කර සිටියේ ය.

දකුණු අප්‍රිකාවේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කිරීමට සම්බන්ධ වීමේ චෝදනාව නිසා වසරක ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින ඕස්ට්‍රේලියානු උප නායකයා තමන්ගේ සංචිතයෙන් ඉවත් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තීරණය කළේ ය. අනතුරුව ඔහුගේ ස්ථානය කුසල් ජනිත් පෙරේරාට පිරිනමමින් තම කණ්ඩායම හා එක්වන ලෙස ආරාධනා කළ ද වමත් පිතිකරුවා එය ප්‍රතික්ෂේප කරණු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දිනවල විවේකයක් තිබුණ ද බටහිර ඉන්දීය සංචාරය සඳහා මැයි මස මුල් සතියේ දී පුහුණුවීම් ආරම්භ කෙරෙනු ඇති. යම් හෙයකින් සන්රයිසස් පිලේ ආරාධනාව බාරගත්ත ද ටෙස්ට් පිලේ පුහුණුවීම් වලට එක්වීම සඳහා අයි.පී.එල්. තරගාවලිය අතර මැද දී සන්රයිසස් කණ්ඩායමෙන් ඉවත්වීමට කුසල් පෙරේරාට සිදුවනු ඇති.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කණ්ඩායම් අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මැයි සහ ජුනි මාසවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

“එයාට ලැබුණු අවස්ථාව ගැන හිතාගන්නත් බැරි වුණාලු. ඒත් එයාට ඕනෑ කරන්නේ ජාතික කණ්ඩායමේ ස්ථානයයි. ඒ නිසා එයා තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීම සඳහා අන්තර් පළාත් සිවුදින තරඟාවලියට සහභාගි වෙනවා” යයි ද රවී ද සිල්වා පවසා සිටියා.

අන්තර් පළාත් තරඟාවලියේදී දඹුල්ල කණ්ඩායමේ උපනායකයා වන නමුත් පසුගිය සිකුරාදා ආරම්භ වූ තරඟයට ඇතුළත් වූ ක්‍රීඩකයන් 11 දෙනා අතර කුසල් ජනිත් සිටියේ නැහැ.ඔහු කිසියම් අාබාධයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ. එයා කොහොම වුණත් අඩු තරමේ සිවුදින තරඟාවලියේ එක තරඟයක් වත් ක්‍රීඩා කරාවි. විස්සයි-විස්ස, එක්දින වගේම ටෙස්ට් කියන ආකාර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම එයාගේ අපේක්‍ෂාවයි" යයි ද කළමණාකරු රවී ද සිල්වා වැඩිදුරටත් පවසා සිටියා.

ගෙවී ගිය වසර තුනක කාලයේදී ටෙස්ට් තරඟ 10 කට ක්‍රීඩා කර ඇති කුසල් පෙරේරා සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2016 දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිවයි. පසුගියදා නිමාවූ නිදහස් කුසලාන තරඟාවලියේ තරඟ 04 කදී ලකුණු 204 ක් ලබාගැනීමට කුසල් ජනිත් සමත් වුණා. සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට දැවැන්ත මූල්‍ය පාඩුවක් වන නමුත් වමත් පිතිකරුවාගේ අදහස වන්නේ ඉදිරියේදී වඩාත් ස්ථාවර තරඟ දිවියක් හිමිකර ගැනීමයි.  තවමත් 27 හැවිරිදි කුසල් ජනිත් පෙරේරාට අවම වශයෙන් වසර 07 ක්වත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටීමේ අවස්ථාව තිබෙනවා.


Latest News

“නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී... “නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී - කතාවේ ඉදිරියට වෙන දේ අධ්‍යක්ෂක කියයි 2018-10-19 - කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් ආදරය කරන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම... More detail
කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න 2018-10-19 - බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා... More detail
මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර... මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම්  ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගන්නම් - ගෝඨා කියපු කතාව 2018-10-19 - තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව... More detail
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර 2018-10-19 - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන ඉදිරි සතිය තුළ අපරාධ පරී... More detail
සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩ සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩියෝව 2018-10-19 - තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුලදී මූලික මිනිස් අයිතිවාසිකම් පවා... More detail
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග...  අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග පාවාදීම් 2018-10-19 - ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල්... More detail
මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් 2018-10-19 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉන්දියාව... More detail
ගෝඨා විශේෂ මහාධිකරණයට ගෝඨා විශේෂ මහාධිකරණයට 2018-10-19 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද (19)... More detail
මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා 2018-10-19 - නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හා සහයෝගය දැක්වූ... More detail
කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි 2018-10-19 - කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන... More detail
ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි 2018-10-19 - මහජන බැංකුව , ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා... More detail
පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන්... පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන් ගිහින් 2018-10-18 - පාසල් යන මුවාවෙන් නිවසින් පිටව ගොස්‌ ඇති සිසුවියන් දෙදෙනකු පාසල් වියේ පෙම... More detail
තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින්... තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින් දුෂණය වෙලා 2018-10-18 - මිත්තනියගේ රැකවරණය යටතේ සිටි වයස අවුරුදු 14 ක දියණියක් සිය මාමා විසින් අපයෝ... More detail
මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී 2018-10-18 - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැ... More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
පැණිබීම සමාගම් සහන ඉල්ලයි - සුව ඇමැති කියයි පැණිබීම සමාගම් සහන ඉල්ලයි - සුව ඇමැති කියයි 2018-10-18 - ජාතික ආර්ථීක සභාවේ දී පැණිබිම සමාගම් සහන ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය... More detail

 

Gossip

Foreign

මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail
හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් 2018-10-16 - මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ... More detail
27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන 2018-10-11 - ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. More detail
ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට 2018-10-10 - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින්... More detail
ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් 2018-10-10 - දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා... More detail