රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කිරීමට රටවල් හයක් සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ එම තරගාවලියට බ්‍රිතාන්‍ය රාජකීයන් හෝ නිලධාරින් හෝ සහභාගී නොවන බවට බ්‍රිතාන්‍ය නිවේදනයක් නිකුත් කිරීමත් සමගයි.
බ්‍රිතාත්‍ය මෙලෙස නිවේදනය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජිවත් වු රුසියානු රහස් ඔත්තු සේවා නිලධාරියාට සහ ඔහුගේ දියණියට වස දීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල වීමත් සමගයි.
ඔවුන්ගේ මෙම තීරණයට සහය පළ කරමිනුයි තවත් රටවල් හයක් මෙවර රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය වර්ජනය කිරීමට තීරණය කර ඇත්තේ.
ඒ අනුව අයිස්ලන්තය, ස්වීඩනය,ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ජපානය, මෙලෙස වර්ජනය කර ඇති රටවල් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර අදාල රටවල් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙවර පාපන්දු ලෝක කුසලාන රාජ්‍ය තාන්ත්‍රිකව වර්ජනය කිරීමට කටයුතු කරන බවයි
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම රටවල් වලට අමතරව තවත් රටවල් ඉදිරියේදි ජුනි 14 සිට 15 වනදා දක්වා පැවැත්වෙන මෙවර ලෝක කුසලාන වර්ජනය කිරීමට පියවර ගනු ඇති බවයි.