ආර්. ප්‍රේමදාස පිටියේ බංග්ලාදේශ ක්‍රීඩකයන් රැදී සිටි ක්‍රිඩක කාමරයේ විදුරු දොර බිදනු ලැබුවේ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් බවත් එම දොරටුව නැවත අලුත් වැඩියා කිරීමට රුපියල් 147,000ක් වැය වන බවත් හෙළි වේ.
මේ සම්බන්ධයෙන් සීසීටීවි දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන කටයුතු සිදු කරනු ලැබු නමුත් එය කළේ කවුරුන්ද යන්න පැහැදිලිව අනාවරණය කර ගැනිමට නොහැකි වී ඇත. පසුව ක්‍රීඩා කාමරයට ආහාර සපයන හෝටල් සේවයකයන්ගෙන් එක් අයෙකු සදහන් කර ඇත්තේ අදාළ දොරටුවේ විදුරුව බංග්ලාදේශ නායකයා විසින් බිදදැමු බවයි.
එම ප්‍රකාශය හැර වෙනත් කිසිදු සාක්ෂියක් මේ වන විට මේ සම්බන්ධයෙන් සොයාගැනිමට නොහැකි බව ද තරග තීරක සදහන් කර ඇත.