වසරක් තුළ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3කින් 5-0ක් ලෙස පූර්ණ පරාජයක් අත්කරගත් ලොව එකම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වූයේ ඊයේ(23) සාජා හිදී පාකිස්තානය සමග පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගය කඩුලු 9කින් පරාජයට පත්වීමෙනි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට පිට පිට හිමිවූ 12වැනි එක්දින පරාජය වන අතර පිට පිට තරගාවලි 2කදී 5-0ක් ලෙස අත්කරගත් දෙවැනි පූර්ණ තරගාවලි පරාජය විය. මේ වසර මුලදී දකුණු අප්‍රිකාව හමුවේ එක්දින තරගාවලිය පරාජයට පත්වූ ශ්‍රී ලංකාව පසුගිය අගෝස්තු/සැප්තැම්බර් මවුබිමේදී ඉන්දියාව හමුවේ 5-0කින් පරාජය විය.

පාකිස්තානය වෙතින් ශ්‍රී ලංකාව 5-0කින් පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර තරග 5කින් සමන්විත තරගාවලියක් පාකිස්තානුවන් 5-0කින් ජයගත් 6වැනි අවස්ථාව විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් නැවත වරක් අසාර්ථකවීම නිසා ඕවර 26කුත්, පන්දු 2කදි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103කින් නිමාවට පත්වූයේ ප්‍රතිවාදින්ට ඉතා පහසු ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය ඕවර 20.2කදී සපුරාගත් පාකිස්තානයට අහිමිවුයේ එක් කඩුල්ලක් පමණි.

ඉමාම් උල් හක් පන්දු 64කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 45ක් හා ෆහීම් අෂ්රෆ් නොදැවී ලකුණු 5ක් රැස් කළහ. දැවී ගිය එකම පිතිකරුවා වුයේ ෆකාර් සමාන්ය. ඔහු අර්ධ ශතකයට ලකුණු 2ක් පසුපසින් සිටියදී දැවී ගියේ හතරේ පහර 7ක් සමගින් පන්දු 47කට මුහුණදී සිටියදිය.

පන්දු 21ක් ඇතුළත කඩුලු 5ක් දවාලමින් ශ්‍රී ලංකා ඉනිම වැනසූ පාකිස්තානු පිලේ නවතම වේග පන්දු තුරුම්පුව වන උස්මාන් ඛාන්ගේ පන්දු හමුවේ ඉතා දුර්වල පිතිහරඹයක නිරතවූ ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවෝ ඉතා වේලාසනින්ම නරඹන්නන් බවට පත්වීමෙන් ශ්‍රී ලංකා ඉනිම දියාරු පෙනුමක් ගත්තේය.

කාසියේ වාසිය දිනා පිට පිට තුන්වැනි වරටත් පළමුව පන්දුවට පහරදීම තෝරාගත් නායක උපුල් තරංග සිය අලුත්ම ආරම්භක පිතිකරු සගයා වන සධීර සමරවික්‍රම සමග පිටියට පිවිසියත් උස්මාන් යැවූ තරගයේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවෙන්ම දැවී ගියේ ලකුණු නොලබාය. අනතුරුව අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් යළිත් ආසාර්ථක වෙමින් ආ විගසම කඩුලු රකින නායක සර්ෆ්‍රාස් අහමඩ් වෙත උඩපන්දුවක් ලබාදී ආපසු ක්‍රීඩාගාරයට ගියේ උස්මාන්ට පිට පිට දෙවැනි කඩුල්ලත් හිමිකර දෙමිනි.

ළහිරු තිරිමාන්න හා එක්ව ඉනිම ‍ගොඩනැගීමට නායක උපුල් තරංග ගත් උත්සාහය මුලු ලකුණු සංඛ්‍යාව 8ක්ව තිබියදි ව්‍යාවර්ථ කළ උස්මාන් ‍ඔහුගේ තුන්වැනි කඩුල්ල ලෙස තරංගගේ කඩුල්ල බිඳ දැමුවේ ඔහු ලකුණු 8ක් ලබා සිටියදීය. ඊට පන්දුවකට පසුව නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියේ උස්මාන්ට සිවුවැනි කඩුල්ලත් හිමි කර දෙමිනි. මුලු ලකුණු සංඛ්‍යාව 20ක්ව තිබියදී මිලින්ද සිරිවර්ධන දැවී ගියේ උස්මාන්ට සිය දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේදීම කඩුලු 5ක් සම්පූර්ණ කර දෙමිනි. ඒ වනවිට ඔහු යවා තිබුණේ පන්දු 21ක් පමණි.

ළහිරු තිරිමාන්න හා සීකුගේ ප්‍රසන්න එක්ව ශ්‍රී ලංකා ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 49 දක්වා ඉහළ දමමින් ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම ලකුණු ලැබූ ඉනිමේ ලජ්ජාශීලි වාර්තාවෙන් කණ්ඩායම බේරාගැනීමට සමත්වුහ. හසන් අලිගේ පන්දුවකින් තිරිමාන්න දැවීයාමත් සමග පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ අවසන් බලාපොරොත්තුව වූ තිසර පෙරේරා ලකුණු 25ක් රැස් කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 85ක්ව තිබියදී තිසර හා ජෙෆ්රි වැන්ඩේසේ දෙදෙනාම දැවී ගියේ ශදාබ් ඛාන් යැවූ ඉනිමේ 22 වැනි ඕවරයේදීය.

තරගයේ වීරයා ලෙස උස්මාන් ඛාන් ද තරගාවලියේ වීරයා ලෙස හසන් අලීද සම්මාන දිනා ගත්හ.

 


Latest News

නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි 2018-01-18 - රටම දන්නා “නිපුන සහල්” අධිපති තුමා වන, ප්‍රභල මන්ත්‍රීවරයෙක් වූ සිරිපාල ගම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-18 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා 2018-01-18 - කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අග... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා... ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා මාමා කියයි 2018-01-18 - කාංවිග පෙරේරා ගැන පසුගියදා අලුත් කතාබහක් ඇතිවුනේ ඔහු විවාහ වීමත් සමගයි. More detail
ගුවන් ගමන් වාර වල වෙනසක් ගුවන් ගමන් වාර වල වෙනසක් 2018-01-18 - ඉන්දියානු ගුවන් සීමාවේ අත්හදා බැලීමේ ගුවන් ගමනක් ක්‍රියාත්මක විම හේතුවෙන්... More detail
මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි 2018-01-18 - කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට තිබූ ... More detail
මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි 2018-01-18 - එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉස්සෙල්ලම ආණ්ඩුවක් හැදුවේ මෛත්‍රිපාල සිරිසේන නොව... More detail
ශශිකා නැවතත් විවාහ වෙයි ශශිකා නැවතත් විවාහ වෙයි 2018-01-18 - ජනප්‍රිය ගායන ශිල්පි ශශිකා නිසංසලා ආයෙත් පාරක් විවාහ වෙලා තියෙනවා. More detail
එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ 2018-01-18 - මෛත්‍රිගේ ආණ්ඩුවට හෙණ ගැහුවා වගේ සිදු වුණු  ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ හොරකම ... More detail
භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි 2018-01-18 - නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම් හලේ පොම්ප සියල්ලට ... More detail
මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා 2018-01-18 - පුතෙකු තම 70 වියැති මවගේ බෙල්ලට මාළු කපන පිහියක් තබා බිය කර ඇයව දුෂණය කොට පලා ... More detail
ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි 2018-01-18 - යම් අවස්ථාවක ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොහැකි වුවහොත් මීළඟ ජනාධිපති වශයෙන්... More detail
බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 2018-01-18 - මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ ... More detail
ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි 2018-01-18 - බංගලාදේශය පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ  සිම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි 2018-01-17 - සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13 පහල හා 15 පහල (පලමු පෙල) ඉතිහාසයේ පලමු... More detail

 

Gossip

Foreign

හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail
සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න 2018-01-12 - ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට ... More detail