ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ලබාගත් වාර්තාගත ටෙස්ට් තරඟාවලි ජයත් සමඟ බොහෝ දෙනා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය අගය කරමින් කතා කර තිබෙන ආකාරය දැකගත හැකි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ නායකයෙකු වන කුමාර සංගක්කාර මෙම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් චන්දිමාල්ගේ නායකත්වය සහ ඔහුට හිමිවිය යුතු තැන සහ ඔහුට පහුගිය කාලයේ අහිමි වූ දේ පිළිබඳව අදහස් දක්වා ඇත.

චන්දිමාල් කණ්ඩායමට එන්නේ සංගක්කාරගේ නායකත්වය යටතේ. ඔහුගේ පළමු සංචාරය 2011 ද. අප්‍රිකා සංචාරය. එහිදී ජෙෆ් මාර්ශ් පුහුණුකරු ලෙස නවක ක්‍රීඩකයන් ජේෂ්ඨයන්ට බෙදා දී තිබෙනවා. එහිදී සංගක්කාර යටතේ චන්දි, මහේලට තිරිමාන්න, ඩිල්ශාන්ට දිමුත් වැනි ක්‍රිඩකයන් බෙදා දී තිබෙනවා.

චන්දිමාල් නායකයා විදියට ලොකු දෙයක් කණ්ඩායමට දුන්නා.ඒ වගේම ඔහු පීඩනය දරා ගෙන ඒකට මුහුණ දෙන විදිය හරිම අපුරුයි.ඒ වගේම ඔහුට ලැබෙන්න ඕන සහය රංගන,දිල්රුවන් උපරිමෙන්ම දුන්න.

චන්දිමාල්ට පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ විවේචන ගැනද සංගා මෙහිදී අදහස් දක්වා ඇත.

චන්දිමාල්ට ගොඩක් දෙනෙකුගේ තිබුන චෝදනාවක් තමයි,ඔහු අනවශ්‍ය විදියට හෙමින් පහර දෙනවා කියන එක.මේ තරඟාවලියේ චන්දිමාල් පෙන්නුවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට තමන් මොනතරම් පරිනතද කියන එක.ඔහුගේ නායකත්වය එක්ක ඔහු ඉදිරියෙන් ඉඳගෙන ලොකු ඉනිම් ක්‍රීඩා කරලා කණ්ඩායම පීඩනයෙන් මුදවා ගත්ත විදිය ඇත්තටම අනාගතය ගැන ගොඩක් බලාපොරොත්තු ඇති කළා.

මම චන්දිමාල් එක්ක ගොඩාක් ලොකු කාලයක් එකට සෙල්ලම් කරලා නෑ.ඔහු එක්ක ක්‍රීඩා කරන වෙලාවේදී මම කියපු දේ තමයි මොන වෙලාවෙද ලකුණු වේගය වැඩි කරන්න ඕන.ලකුණු වේගය අඩු කරලා ඉනිම ඇදගෙන යන්න ඕන මොන වගේ වෙලාවටද කියන එක.ඒ වගේම ලකුණු 40 ක් ගහලා නවත්තන්නේ නැතුව කොහොමද ඒක ලකුණු 100 කට අරගෙන යන්නේ කියන එකත් මගේ අත්දැකීම් එක්ක චන්දිමාල් එක්ක සාකච්චා කරලා තියනවා.

පසුගිය කාලයේ චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කරමින් ඔහුගේ මානසික මට්ටම පහලට ඇද දැමීම ගැන සංගක්කාර තුල ඇත්තේ කණස්සල්ලකි.

මට අනුව නම් චන්දිමාල් කියන්නේ සුපිරි හැකියාවක් තියන ක්‍රීඩකයෙක්,ඒ වගේ ක්‍රීඩකයෙකුගේ පොඩි අසාර්ථක වීමක් එක්ක ඔහු කණ්ඩායමෙන් ඉවත් කරලා තියනවා කියන්නේ ලොකු අපරාධයක්.පහුගිය අවුරුදු තුන වගේ ඔහුට විශ්වාසෙන් ක්‍රීඩා කරන්න නොලැබුන එක අපරාධයක්.චන්දි ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව වගේම එංගලන්තයේදීත් හොඳට කරපු ක්‍රීඩකයෙක්.ඔහු ටෙස්ට් එක්දින T20 වෙනස දන්නවා වගේම ඒ රටාවල් තුනටම ගැලපෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්.

මම හිතන්නේ චන්දි අංක තුන හෝ හතර ක්‍රීඩකයා විදියට අපේ කණ්ඩායමේ මේ තරඟ රටාවන් තුනටම ඉන්න ඕන ක්‍රීඩකයෙක්.අනික දිගුකාලීන අරමුණු වලට යද්දී මේ වගේ හොඳ ක්‍රීඩකයෝ හලන්න හොඳ නෑ,මම හිතන්නේ ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10000 ට යන්න පුළුවන් වෙයි චන්දිට.

 

 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-04-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
11 හැවිරිදි පාසල් සිසුවිය ගෙල වැළලා ගනී 11 හැවිරිදි පාසල් සිසුවිය ගෙල වැළලා ගනී 2018-04-23 - එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් තම නිවසේදි ගෙල වැලළාගෙන සිටියදි ප්‍රදේශව... More detail
නිරූපිකා ගිහානි වීරසිංහ ජනපතිගේ ලන්ඩන් සංචාරයට එක්වූණු හැටි මෙන්න නිරූපිකා ගිහානි වීරසිංහ ජනපතිගේ ලන්ඩන් සංචාරයට එක්වූණු හැටි මෙන්න 2018-04-23 - ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල... More detail
මෛත්‍රී - රනිල් අතර තීරණාත්මක සාකච්ජාවක් මෛත්‍රී - රනිල් අතර තීරණාත්මක සාකච්ජාවක් 2018-04-23 - කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අද (23) විශේෂ... More detail
ඉවත්වුණු 16 මැයි රැළියට එනවද නැද්ද - තීරණය ජනපති හමුවෙන් පසු ඉවත්වුණු 16 මැයි රැළියට එනවද නැද්ද - තීරණය ජනපති හමුවෙන් පසු 2018-04-23 - ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මැයි දිනයට සහභාගිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්... More detail
දේශපාලන සූදුවෙන් ශ්‍රීලංකා ක්‍රිකට් වලපල්ලට යවන කාබාසිනියන්ට මාලිගෙන් කනේ... දේශපාලන සූදුවෙන් ශ්‍රීලංකා ක්‍රිකට් වලපල්ලට යවන කාබාසිනියන්ට මාලිගෙන් කනේ පහරක් 2018-04-23 - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ... More detail
ජනපති ළග ඉන්න පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න එනවා ජනපති ළග ඉන්න පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න එනවා 2018-04-23 - නව පුර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය ව... More detail
“ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා... “ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි” 2018-04-23 - පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස සහ ඒ අතර සිටි එක් ... More detail
ශ්‍රීලනීපයේ ලොකු පුටු මාරු නොකළොත් මැයි රැළිය වර්ජනය කරනවා ශ්‍රීලනීපයේ ලොකු පුටු මාරු නොකළොත් මැයි රැළිය වර්ජනය කරනවා 2018-04-23 - ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහියපක වෙනසක් ඇති නොවුනහොත් පක්ෂයේ ... More detail
අමාත්‍ය විෂය පථයන් බෙදීමේ දී එජාපය බාල්දි පෙරලයි අමාත්‍ය විෂය පථයන් බෙදීමේ දී එජාපය බාල්දි පෙරලයි 2018-04-23 - කැබිනට් සංශෝධනයේදි අමාත්‍යාංශයන්යහි  විෂය පථ විද්‍යාත්මක පදනමක් මත වෙනස්... More detail
උදයංග මෙරටට බාරදීම එමීර් රාජ්‍ය ප්‍ර‍තික්ෂ්‍රේප කරයි උදයංග මෙරටට බාරදීම එමීර් රාජ්‍ය ප්‍ර‍තික්ෂ්‍රේප කරයි 2018-04-23 - රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට බාරදෙන්නැයි ශ්‍රී ලංකා... More detail
මවගේ අනියම් ඇසුර මවත් දියණියත් නිදියහනේදීම කෙළවර කරයි මවගේ අනියම් ඇසුර මවත් දියණියත් නිදියහනේදීම කෙළවර කරයි 2018-04-23 - මහියංගණයේ - මාපාකඩවැව - ඉකිරියගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණිය ඝාතනය කර... More detail
අපිව කොටවලා රාජපක්ෂලාට අපේ පවුල කඩන්න බැහැ අපිව කොටවලා රාජපක්ෂලාට අපේ පවුල කඩන්න බැහැ 2018-04-23 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තම පියාගේ ජන්ම දින සැමරුව දේශපාලන වාසි... More detail
මාස අටේ කිරි කැටියා සමග පියෙක් දුම්රියට පනී මාස අටේ කිරි කැටියා සමග පියෙක් දුම්රියට පනී 2018-04-23 - කුරුණෑගල, පල්ලෙකොටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය මාස අටක් වයසැති බිළිඳා සමඟ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-04-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
සිරිකොත තුනට කැඩෙයි සිරිකොත තුනට කැඩෙයි 2018-04-22 - සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කටයුතු කොටස් තුනකට බෙදා ඉදිරියට ගෙන... More detail
මැයි 8 ආණ්ඩු පෙරළියක් නෑ මැයි 8 ආණ්ඩු පෙරළියක් නෑ 2018-04-22 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව... More detail

 

Gossip

Foreign

ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට 2018-04-19 - ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත්  බසයක් ස්විස්ටර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී... More detail
තීරණාත්මක මොහොතක හිටපු ජනපතිට සිර දඩුවම් තීරණාත්මක මොහොතක හිටපු ජනපතිට සිර දඩුවම් 2018-04-05 - බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර දඩුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨා... More detail
පෙම්වතා සමග සිදුවු ආරවුලෙන් යුටියුබ් මුලස්ථානයේ දී කාන්තාවක් වෙඩි තබා ගනී පෙම්වතා සමග සිදුවු ආරවුලෙන් යුටියුබ් මුලස්ථානයේ දී කාන්තාවක් වෙඩි තබා ගනී 2018-04-04 - ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුපුසිද්ධ ගුගල් සමාගමට අයත් යු ... More detail
පන්ජාර විජ්ජු නාඩන්න කුන්ජු විඩියෝවේ ඇත්ත කතාව මෙන්න පන්ජාර විජ්ජු නාඩන්න කුන්ජු විඩියෝවේ ඇත්ත කතාව මෙන්න 2018-04-02 - අන්තර් ජාලය පුරා කාලෙන් කාලෙට විවිධ විඩියෝ ගැන කතාබහ ඇති වෙනවා. More detail
සිසුවියක් සමුහ දුෂණය කළ තරුණයන් සිව්දෙනාට මහ පාරේදී කාන්තාවන්ගෙන් ලැබුණු ... සිසුවියක් සමුහ දුෂණය කළ තරුණයන් සිව්දෙනාට මහ පාරේදී කාන්තාවන්ගෙන් ලැබුණු අමුතු දඩුවම මෙන්න 2018-03-27 - මරණ තර්ජනය කරමින් තරුණියක් අපයෝජනය කළ තරුණයන් සිව්දෙනෙකුට ලබාදුන් අමුතුම... More detail
සාප්පු සංකීර්ණයේ හට ගත් ගින්නෙන් ජිවිත 37ක් අහිමි වෙයි සාප්පු සංකීර්ණයේ හට ගත් ගින්නෙන් ජිවිත 37ක් අහිමි වෙයි 2018-03-26 - සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු පමණ මියගොස් ඇත. More detail
දුෂණ චෝදනා මත හිටපු ජනපති අත්අඩංගුවට දුෂණ චෝදනා මත හිටපු ජනපති අත්අඩංගුවට 2018-03-23 - දකුණු කොරියාවේ හිටපු ජනපති ලී-මියුන්-බක් දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ More detail