පාකිස්තානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී නවක කී‍්‍රඩකයන් වන රොෂේන් සිල්වා හෝ සදීර සමරවික‍්‍රම දෙදෙනාගෙන් අයෙකුට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි වාර්තා වේ.

ඒ  පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න හෝ කෞෂාල් සිල්වා ක්‍රීඩකයන් දෙදෙනාගෙන් අයෙකු ඉවත් කරමින්ය. කෙසේ වෙතත් මෙයින් අවස්ථාව ලබා දෙන්නෙ සධීරට ද රොෂේන් ටද නැතහොත් දෙදෙනාටමද යන්න තීරණය කිරීමට තේරීම් කමිටුව තුල මත ගැටුමක් හට ගෙන ඇති බව වාර්තා වේ.

තේරීම් කමිටුවේ සජිත් ෆර්නැන්ඩූ  සහ අසංක ගුරුසිංහ රොෂේන් සිල්වාට අවස්තාව දිය යුතු යැයි කියා සිටින අතර තේරීම කමිටුවේ සභාපාති ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ ජෙරිල් වෝටර්ස් කියා සිටින්නේ කෞෂාල් සිල්වා මෙන්ම ලහිරු තිරිමාන්නද කණ්ඩායමෙන් ඉවත් කොට රොෂේන් හා සදීර දෙදෙනාටම අවස්ථාව ලබා දිය යුතු බවය. කෙසේ වෙතත් මෙම යෝජනාවට දැඩි ලෙස විරුද්ධ වී ඇති නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කර තිබුණේ ක්‍රිඩකයන් දෙදෙනෙකුට එකම තරගයක ටෙස්ට් වරම් ලබා දීම එතරම් නුවනට හුරු නොවන බවය. එම නිසා ජයග්‍රාහී සංයුතිය වෙනස් කිරීම මෙන්ද අත්දැකීම් රහිත ක්‍රිඩකයන් දෙදෙනෙකු සමග එක් වරම ක්‍රිඩා කිරිම නොකළ හැකි බව දිනේෂ් චන්දිමාල් පවසා තිබෙනවා.එහිදි කණ්ඩායමේ කළමණාකරුවෙකු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙක්ද වන අසංක ගුරුසිංහද චන්දිමාල්ට සහය ලබා දී තිබේ. ලහිරු තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කිරීමේ යෝජනාවට දිනේෂ් චන්දිමාල් එකග වී නැත.

කෙසේ වෙතත් දැඩි කතෝලීක මතධාරීන් දෙදෙනෙකු වන ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ ජෙරිල් වෝටර්ස් සධීර හා රොෂේන් දෙදෙනාම කණ්ඩායමට ඇතුල් කර ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේය. සධීර සමරවික්‍රම හා රොෂේන් සිල්වා දෙදෙනාම ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් පැමිණි කතොලික ක්‍රිඩකයන් දෙදෙනෙකු වන අතර ලැබ්‍රෝයි හා ජෙරිල් මෙම ක්‍රීඩකයන් දෙදෙනාම කණ්ඩායටම ඇතුලත් කිරීමට උත්සාහ දරන්නේ එම නිසා තතු දන්නො පවසති.