ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඉන්දීය තරගාවලියේදී ආබාධයකට ලක්වීමෙන් පසුව මෙතෙක් පූර්ණ සුවය ලබා නැති බව වාර්තා වූවත් ඔහු එම තරගාවලිය අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විසින් එක්දින තරග 6ක තහනමක් පනවා ඇතැයි ඊයේ (05) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

තරග තහනමට අමතරව ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදලින් 20% ක දඩයක් නියම කිරීමට ද ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඔහු මේ වැරැදි පිළිගෙන ඇති අතර සැප්තැම්බර් මස 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මේ තරග තහනම පනවා තිබේ.

ගුණතිලක ඉන්දීය එක්දින තරගාවලිය අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී පසුදින උදෑසන පුහුණුවීම් සඳහා නොපැමිණීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරමින් මේ තරග තහනම පනවා ඇතැයි වාර්තා වේ.