ශ්‍රී පාදයට ගිය විදේශිකයා අඩි 100ක් බිමට වැටේ – ජිවිත ගැලවූ STF මෙහෙයුම

ඉන්දීය ජාතිකයෙකු රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටී තිබෙනවා.

ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර තිබුණා.

රත්නපුර – ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටිය දී අද (29) අලුයම 4.45ට පමණ මෙම අනතුරට සිදුව ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දැනුවත් කිරීමෙන් පසු මහත් පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි ඔහුව බේරාගෙන ඇති බව වාර්තා වනවා.