යාපනයේ මියගිය කතකටත් කොවිඩ්

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් මිය යාමෙන් අනතුරුව කරන ලද පරීක්ෂණවලදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටි අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා තිබෙනවා.

අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව මිය ගොස් ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ඇයට ආසාදනය වී ඇති බවයි.