හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළා.

මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (11) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.

හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්රීකවරයෙකු මෙන්ම හිටපු ජනපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවිණි.

එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට 2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර ඔහු ලංකාවට යළි පැමිණියේ 2013 මාර්තු 05 වැනි දා අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 349 දරණ ගුවන් යානයෙනි.

සිංගප්පූරුවේ සිට ලංකාවට රැගෙන ආ දුමින්ද සිල්වා මහතා ඉන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. එදිනම එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2013 මාර්තු පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය. ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

ඒ අනුව කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.

දුමින්ද සිල්වා මහතාට ඇප ලැබීමෙන් පසු ඇප අත්සන් කළේ 2013 අප්‍රේල් මස 26 වැනි දාය. අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.

අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විසිනුසරුවරුන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය. ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.

දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාය. ඒ මහතා මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.


Latest News

අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල්... අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල් චිත්‍රපට බැලු සන්ධාන මන්ත්‍රී තිදෙනාට වුණු දේ - විඩියෝව 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රී... More detail
පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි 2018-11-21 - මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (21) දහවල් කසළ ගොඩකට ගිනි අවුලමින්... More detail
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි 2018-11-21 - ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ වද හිංසා කිරීමේ සිද්ධි විමර්ශනය කරමින් සිටි... More detail
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි 2018-11-21 - ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර... More detail
ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් 2018-11-21 - ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බවත් ඔහු... More detail
මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි 2018-11-21 - පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභ හානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද... More detail
සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට 2018-11-21 - සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට්... More detail
සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹු බව කියන මන්ත්‍රීවරුන්... More detail
ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් 2018-11-21 - ලොව බලගුතම කාන්තාවන් 100 දෙනා අතරට  ශ්‍රීලාංකික කාන්තාවක් වන සුප්‍රකට සාගර ... More detail
ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් ෆේස්බුක්  හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් 2018-11-21 - ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිද... More detail
කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-19 - ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ල... More detail
පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි 2018-11-19 - නියෝජ්‍ය කතානායක අානන්ද කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වු පාර... More detail
කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි 2018-11-19 - පාර්ලිමේන්තුව අද සවස 1ට රැස්වුයේ කතානායක කරු ජයසුරිය නොමැතිව යි. More detail
රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න 2018-11-19 - රාජපක්ෂලා අාණ්ඩුව පෙරලා නව අාණ්ඩුවක් පත් කරගැනීමට උත්සහ කරන්නේ ඔහුන්ට ව... More detail
පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු 2018-11-19 - පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග... More detail

 

Gossip

Foreign

සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail