ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 80ට අධික මුදලක් වංචා කළ ජපන් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව “එකෝ ජපෑන් ට්‍රැවල්ස්” නම් ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණයෙන් තරුණයින්ගෙන් මුදල් අයකරන බවට කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම මෙහෙයවන ලදී.

ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් හෝමාගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉහත ආයතනය වැටලීම් කර එහිදී එම ආයතනය පවත්වාගෙන ගිය ජපන් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් ජපන් ජාතිකයා සංචාරක වීසා මත මෙරටට පැමිණ තිබේ. නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුවත් ඔහු මෙරට තුළ රැදී සිටිමින් මෙම ජාවාරමට සම්බන්ධවී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ජපන් ජාතිකයාගේ වීසා කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් 13 වැනිදායින් අවසන්වී ඇති නිසා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

එම සැකකරුවන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරුවන් තවදුරත් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

අත්අඩංගුවට ගත් ජපන් ජාතිකයාගේ මෙරට රැදී සිටිමේ වලංගු වීසා කාලය 2017 සැප්තැම්බර් මස 13 දිනෙන් අවලංගුව ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට ආගමන විගමන පාලකයා හා පොලිසියේ අදාළ අංශ දැනුවත් කරන ලදී.

මෙම වැටලීම සම්බන්ධයෙන් ප්‍රචාරය වීමෙන් පසුව මෙම  වංචාවට හසුවු පුද්ගලයින් 20 දෙනෙකු පමණ මේ වන විටත් කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. එම පැමිණිලිකරුවන්ට අනුව තවත් මෙවැනිම පිරිසකගේ පැමිණිලි ලැබීමට නියමිතය. මේ වන තෙක් ඉදිරිපත් කර ඇති පැමිණිලි ප්‍රමාණය අනුව මෙම සැකකරුවන් වංචාකර ඇති මුදල් ප්‍රමාණය රැපියල් ලක්ෂ 80ට අධිකය.

නීති විරෝධී ලෙස විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යවන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබාදී තිබේ. සුරක්ෂිත විදේශ රැකියාවක් සදහා ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයකින් විදේශ ගත වන ලෙස හා ඒ පිළිබද කිසියම් තොරතුරක් අවශ්‍ය නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසන ලෙසද අමාත්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති කීර්ති මුතුකුමාරණ මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ඒකකයේ කළමනාකරු සී.ජී.වෙළගෙදර, නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරීන්වන පී.ෆර්ඩිනෑන්ඩු, එස්.කේ.ප්‍රදීප් කුමාර හා කාර්යාංශ නිළධාරීන් වන වසන්ත චන්ද්‍ර කුමාර, පොදු සහකාර අමිල පෙරේරා යන නිළධාරීන් සහභාගි වූහ. 


Latest News

කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-19 - ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ල... More detail
පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි 2018-11-19 - නියෝජ්‍ය කතානායක අානන්ද කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වු පාර... More detail
කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි 2018-11-19 - පාර්ලිමේන්තුව අද සවස 1ට රැස්වුයේ කතානායක කරු ජයසුරිය නොමැතිව යි. More detail
රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න 2018-11-19 - රාජපක්ෂලා අාණ්ඩුව පෙරලා නව අාණ්ඩුවක් පත් කරගැනීමට උත්සහ කරන්නේ ඔහුන්ට ව... More detail
පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු 2018-11-19 - පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග... More detail
මනුෂ සමග නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති මනුෂ සමග නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති 2018-11-19 - ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් තමන් ගත් දේශපාලන තීන්දුව සමග ගාල්ල... More detail
පාර්ලිමේන්තුව අද මහජනතාවට වහලා පාර්ලිමේන්තුව අද මහජනතාවට වහලා 2018-11-19 - පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය අද (19) දින මහජනතාව වෙනුවෙන් විවෘත නොවන බව වාර්තා... More detail
නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට අද ජන්දයක් නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට අද ජන්දයක් 2018-11-19 - පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ ... More detail
මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ 2018-11-16 - ඊයේ පාර්ලිමේන්තු සභාවේ ඇතිවූ කලබලකාරීත්වය මැද පාඨලී චම්පික රණවක හිටපු ඇම... More detail
රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල්ලීමක් 2018-11-16 - පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පව More detail
පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ 2018-11-16 - පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ම... More detail
බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා 2018-11-16 - ආගම ධර්මය උගන්වන මුවාවෙන් බාලවයස්කාර දැරියක රවටා අවන්හලක් වෙත රැගෙන ගිය බව... More detail
මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි 2018-11-16 - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේ... More detail
මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා 2018-11-16 - වෙබ් අඩවිවල විවිධ උපක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකික ධනවත් කාන්තාවන් ව්‍යාජ... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය 2018-11-16 - ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ පැවති... More detail
ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි 2018-11-16 - ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ(15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දමා තිබේ. More detail

 

Gossip

Foreign

කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail